සාර්ථක සමාජ පර්යේෂණ වාර්තාවක් සකස්කරන්නේ කෙලෙසද?

සමාජ පර්යේෂණයන් හා බ ැඳෙන ක්‍රියාවලියේදී මීට පෙර සාකච්ඡා කරන ලද්දේ එවැනි පර්යේෂණයක් සිදු කිරීමට පෙර එම පර්යේෂණයන් සිදුකිරීම කරන ආකාරය පිළිබඳව ඉදිරිපත් කෙරෙන පර්යේෂණ යෝජනාව පිළිබඳවයි.

එම සාකච්ඡාව  සාකච්ඡාවට අනුව  කවර හෝ ක්ෂේත්‍රයට අයත් පර්යේෂණයන් සිදුකිරීමට මත්තෙන් එය සිදුකරන ආකාරය පිළිබඳව පර්යේෂකයාට මනා අවබෝධයක් තිබිය යුතුවේ. එම අවබෝධය ගොඩනගණු ලබන්නේ පර්යේෂණ යෝජනාව මගිනි. වෙන අයුරකින්  සඳහන් කරන්නේ නම් සිය පර්යේෂණයට අදාළ උපායමාර්ගික දිශානතිය  නොමැති නම් මාර්ග සිතියම එමගින් අදාළ පර්යේෂණ ක්‍රියාවලියට හිමිවෙයි.

පර්යේෂණ යෝජනාව මත සිදුකරනු ලබන පර්යේෂණ ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය ලෙස අපට මුණගැසෙන්නේ පර්යේෂණ වාර්තාව යි.  එය ශාස්ත්‍රීය ලියවිල්ලක් වන අතර එමඟින් මානව අන්තර් සම්බන්ධතාවයන් සහ සමාජය ව්‍යුහයන් හා බැඳෙන විවිධ පැතිකඩයන් පිළිබඳව ගවේෂණයන් ඉදිරිපත් වෙයි.  විශේෂයෙන්ම සමාජ විද්‍යාව, මානව විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, භූගෝලවිද්යාව, ඉතිහාසය වැනි විශේෂේත්‍රයන්හිදී සමාජ පර්යේෂණ වාර්තාවන් ඉදිරිපත් වන අතර සිය පර්යේෂණය හා බැඳෙන පර්යේෂණ ගැටලුව, අරමුණු නොමැති නම් පර්යේෂණ ප්‍රශ්න, හෝ උපන්‍යාස පරීක්ෂා කිරීම සාක්ෂි මත පදනම්ව විධිමත් ගවේෂණයක් තුළින් සිදුවේ  එවැනි පර්යේෂණ වාර්තාවක් මගින් සමාජ ප්‍රපංචයන් අවබෝධ කර ගැනීමට ඉදිරිපත් වන දැඩි විශ්ලේෂණයක  දායකත්වය ලබාදෙනු ඇත. 

 සමාජ පර්යේෂණ වාර්තාවක තිබිය යුතු ප්‍රධාන ගති ලක්ෂණ 

සමාජ පර්යේෂණ වාර්තාවක් ඇතැම් ප්‍රධාන ගති ලක්ෂණ ගණනාවක් බෙදා ගනු ලබන අතර ඒවා අනිකුත් ආකාරයේ පර්යේෂණ ලේඛනයන්ගෙන් වෙනස් වෙයි.

මේවායේ ප්‍රධානම ලක්ෂණය වන්නේ  එහි ඇති ශාස්ත්‍රීය ගති ලක්ෂණයයි.  සමාජ පර්යේෂණයක් මතුවන්නේ ශාස්ත්‍රීය විනය ශික්‍ෂණය මතයි.  එය තුළ පවතින නිවරද්‍යතාවය, වලංගුභාවය හා සංගත බව ගොඩනගා ගැනීමට යම් ක්‍රමවේදාත්මක රාමු මත පදනම් වීමට සිදුවේ. ඒ හා  බැඳෙන තවත් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එම වාර්තාවන් ගොඩ නැගෙන්නේ  සාක්ෂි මත පදනම්ව වීමයි. එයින් අදහස් වන්නේ පර්යේෂකයකුට  සමාජ ලෝකය පිළිබඳව සිය අධ්‍යයනයන් සිදුකිරීමේදී තම ඇඟැලුම්කම් හා දැක්ම මත පිහිටා කටයුතු කිරීමේ දැඩි සීමා පවතින බවයි. මන්දයක් පර්යේෂකයෙකු සමාජ ලෝකයේ කොටසක් වන බැවින්  ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී තම පුද්ගලබද්ධ අනන්‍යතා මතුවීමට ඉඩ ඇති බැවිනි. එම නිසා පර්යේෂණ වාර්තාවක දී එමගින් ඉදිරිපත් කෙරෙන නිගමනයන් හා නිර්දේශයන් සාක්ෂි මත පදනම් වීම අනිවාර්ය වේ.

මෙවැනි වාර්තා ඉතා පැහැදිලිවම ගුණාත්මක හෝ ප්‍රමාණාත්මක නොමැති නම් එම එළඹුම් දෙවර්ගයෙන්ම ගොඩනැඟෙන මිශ්‍රිත එළඹුම තුළින් දත්ත ඒකරාශී කර ඒ මත පදනම්ව ගොඩනගන පර්යේෂණාත්මක අනාවරණයන් සහ නිගමනයන් සාක්‍ෂි මත පදනම්ව සිදු කරනු ලබයි. මීිට අමතරව සමාජ පර්යේෂණ වාර්තාවක් හා බැඳෙන තවත් ප්‍රධාන ලක්ෂණයක් ලෙස ක්‍රමවත් ගවේෂණය වැදගත්වෙයි. විශේෂයෙන්ම එම පර්යේෂණ ක්‍රියාවලිය සංවිධානාත්මක හා ක්‍රමවේධාත්මක රාමුවකින් සමන්විත වීම තුළ එමගින් විධිමත් නොමැති නම් ක්‍රමවත් විමර්ශනයක් හා ගවේෂණයක් සමාජ ලෝකය හා බැඳෙන ප්‍රපංචය විශ්ලේෂණය කිරීමේදී සිදුවේ.

 පර්යේෂණ වාර්තාවක අරමුණ.

ඕනෑම සමාජ පර්යේෂණ වාර්තාවක් හා බැඳෙන මූලික අරමුණක් පවතී. බොහෝ විට කාර්යක්ෂම ප්‍රතිපත්ති  හා භාවිතයන් මෙන්ම ශාස්ත්‍රීය වශයෙන් සමාජ විද්‍යා ක්ෂේත්‍රය තුළ තවදුරටත් විමර්ශනය විය යුතු පැතිකඩ පිළිබඳව එම පර්යේෂණ වාර්තා මගින් නිර්මාණය කෙරෙන සාරවත් පර්යේෂණ අනාවරණයන් මඟ පෙන්වනු ඇත. එහිදී සමාජයන් වල ක්‍රියාකාරිත්වය පැහැදිලිවම අවබෝධ කර ගැනීමටත් මානව චර්යාවන්ට බලපාන විවිධ සාධක හඳුනාගැනීමටත් මඟ පෙන්වීමක් කරනු ලබයි. සමාජ ගතිකත්වය මෙන්ම ප්‍රතිපත්ති  සම්පාදකයින්ට, ශාස්ත්‍රවන්තයින්ට හා ප්‍රායෝගිකව ඒවා භාවිතා කරන අයට වටිනා මූලාශ්‍ර සපයන මෙවලමක් ලෙස ක්‍රියාත්මක වේ.

පහත සඳහන් වන්නේ හොඳ පර්යේෂණ වාර්තාවක අන්තර්ගත විය යුතු ප්‍රධාන ලක්ෂණ හෝ උපාංග පිළිබඳවයි.
පැහැදිලිවම පර්යේෂණ වාර්තාවක් හොඳින් සංවිධානය වුණු සවිස්තරාත්මක හා ක්‍රමවේදාත්මක පැහැදිලි බවකින් යුක්ත විය යුතුයි  

Title Page
ඒ අනුව වාර්තාවක එම පර්යේෂණ මාතෘකාව කුමක්ද යනුවෙන් සඳහන් කරන පිටුවක් ඇතුළත් විය යුතුයි.  එහි පර්යේෂණ මාතෘකාව.  පර්යේෂකයා  හෝ පර්යේෂකයින්ගේ නම් සම්බන්ධතාවය හා එය  ප්‍රකාශයට පත් කරන දිනය අන්තර්ගත විය යුතුයි.

Abstract
එමෙන්ම පර්යේෂණ වාර්තාවක ඇතුළත් විය යුතු තවත් වැදගත් උපාංගයක් ලෙස එය හා බැඳෙන සාරසංක්ෂේපය අන්තර්ගත විය යුතුයග එමගින් අදහස් වන්නේ අදාළ සමස්ත වාර්තාවේ කෙටි සාරාංශයක් ඉදිරිපත් කිරීමයි. එය  වචන 105-250 අතර විය යුතුයි. මුඛ්‍ය පද ද ඉදිරිපත්විය යුතුයි. 

එයට පර්යේෂණ ගැටළුව, පර්යේෂණ ක්‍රමවේදය, ප්‍රධාන පර්යේෂණ අනාවරණයන් මෙන්ම නිගමන ද විශේෂිත කර දැක්විය යුතුයි.  

Introduction
ඉන් අනතුරුව පර්යේෂණ පසුබිම නොමැති නම් හැඳින්වීම ඉදිරිපත් කළ යුතුයි.  එහිදී සිය පර්යේෂණය මගින් ආමන්ත්‍රණය කරන ලද ගැටළුව පැහැදිලිව ඉදිරිපත් කළ යුතුයි. එම පර්යේෂණ වාර්තාවේ හැඳින්වීම  තුල අධ්‍යයනයේ අරමුණ නිවැරදිව හා පැහැදිලිව ඉදිරිපත් කළ යුතුයි.  සාහිත්‍ය විමර්ශනය ද එම හැඳින්වීම යටතේ ඉදිරිපත් කිරීම වැදගත් වන අතර එමඟින් තමන් සිදුකරනු ලබන අධ්‍යයනයේ ග ැටලුව හා පූර්ව අධ්‍යයනයන් හා  න්‍යායික රාමු හා විමර්ශනයන් ඉදිරිපත් විය යුතුයි.  ඉන් අනතුරුව අදාළ පර්යේෂණය ක්‍රමවේදය පිළිබඳව  අනිවාර්යෙන්ම සාකච්ඡා කළ යුතුයි.

පර්යේෂණ සැලසුම පිළිබඳව මාවත් පර්යාය සහ බැඳුණු විවිධ උපාංග ඒකාබද්ධ කරමින් ඒ පිළිබඳව සමස්ත උපායමාර්ගික විස්තරය ඉදිරිපත් විය යුතුයි.

එමෙන්ම  අධ්‍යයන ප්‍රදේශය සංගහනය හා නියැදිය පිළිබඳව ද පැහැදිලි අදහසක් ඉදිරිපත් කළ යුතුයි.  විශේෂයෙන්ම ඔබේ අධ්‍යනය කරනු ලබන ප්‍රදේශයේ ස්වභාවය පිළිබඳවත් අධ්‍යනයට ලක් වූ සංගහනයේ විස්තර මෙන්ම ඔබ නියැදිය තෝරාගත් ආකාරය පිළිබඳවත් සටහන් විය යුතුයි.  එහිදී  නියැදි ක්‍රමය, නියැදි ප්‍රමාණය ආදිය කෙරෙහි අවධානය යොමු විය යුතුයි.  ‍ක්‍රමවේදය යටතේ ඔබගේ පර්යේෂණ වාර්තාව සිදුකිරීමට අදාළව දත්ත ඒකරාශී කිරීමට අදාළ ක්‍රමවේද පිළිබඳවද සඳහන් විය යුතුයි.  ප්‍රාථමික දත්ත ලබාගත් ආකාරය එනම් සමීක්ෂණයන්,  සම්මුඛසාකච්ඡාවන්, නිරීක්‍ෂණයන් ආදී විධික්‍රම පිළිබඳව හා ඒවා යොදාගත්තේ කෙසේද හා ඒ ඇයි යන්න පැහැදිලි කිරීම වැදගත් වේ. දත්ත විශ්ලේෂණයද පර්යේෂණ වාර්තාවක ක්‍රමවේදය දැක්වීමේදී ඉදිරිපත් විය යුතුයි.   එහිදී පර්යේෂකයා විසින් ඒකරාශී කරන දත්ත විශ්ලේෂණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කළ යුතුයි.

ගුණාත්මක කේතනය සහ සංඛ්‍යාත්මක උපක්‍රම ආදිය යොදා ගනු ලැබූ ආකාරය පෙන්වා දියයුතුයි. තවද ආචාරධාර්මික සැලකිලිමත් වීම්ද සඳහන් කළ යුතුයි. ප්‍රතිචාරකයින්ගේ දැනුවත්භාවය මෙන්ම රහස්‍යභාවය හා විභව අගතීන් වැනි පැතිකඩයන් ආමන්ත්‍රණය කරන ලද ආකාරය සඳහන් කළ යුතුයි.

ප්‍රතිපල හා අනාවරණයන්

මෙහිදී ඔබගේ පර්යේෂණ ගැටලුව සමඟ දත්ත බැඳෙන ආකාරය පිළිබඳව  සඳහන් විය යුතුයි.  අනතුරුව පර්යේෂණයට අදාළ සාකච්ඡාව සිදුවිය යුතුයි.  පර්යේෂණ ගැටළුව සහ පර්යේෂණ අරමුණු හා බැඳෙන සංදර්භය මත පදනම් වෙමින් එම ප්‍රතිඵල තුළින් මතුවන තත්ත්වයන් පෙර අධ්‍යයනයන් හා න්‍යායාත්මක පර්යාලෝකනය සමඟින්  පර්යේෂණ අනාවරණයන්  සන්සන්දනය කළ යුතුයි.  එමෙන්ම මතුව තිබෙන  දුර්වලතාවයන්,  නියැදි දෝෂ, දත්ත සංරෝදකයන්, ක්‍රමවේධාත්මක ගැටළු පිළිබඳව සඳහන් කළ යුතුයි.

ඉහත පියවරන්ට අමතරව ඇතුළත්විය යුතු ප්‍රධාන උපාංගයක් වන්නේ අදාළ අධ්‍යයනයට අදාළ නිගමනයන්ය
පර්යේෂණ වාර්තාවක් සකස් කිරීමේ දී අදාළ තත්ත්වයන් තුළ අපට නිර්දේශ ඉදිරිපත් කළ යුතුය.  පරිශීලන මූලාශ්‍ර ගැන අවධානය යොමු කළ යුතුයි. එය පිළිගත් රටාවකට කළ යුතුයි.


Comments