සාර්ථක සමාජ පර්යේෂණ වාර්තාවක් සකස්කරන්නේ කෙලෙසද?
සමාජ පර්යේෂණයන් හා බ ැඳෙන ක්‍රියාවලියේදී මීට පෙර සාකච්ඡා කරන ලද්දේ එවැනි පර්යේෂණයක් සිදු කිරීමට පෙර එම පර්යේෂණයන් සිදුකිරීම කරන ආකාරය පිළිබඳව ඉදිරිපත් කෙරෙන පර්යේෂණ යෝජනාව පිළිබඳවයි. එම සාකච්ඡාව සාකච්ඡාවට අනුව කවර හෝ ක්ෂේත්‍රයට අයත් පර්යේෂණයන් සිදුකිරීමට මත්තෙන් එය සිදුකරන ආකාරය පිළිබඳව පර්යේෂකයාට මනා අවබෝධයක් තිබිය යුතුවේ. එම අවබෝධය ගොඩනගණු ලබන්නේ පර්යේෂණ යෝජනාව මගිනි. වෙන අයුරකින් සඳහන් කරන්නේ නම් සිය පර්යේෂණයට අදාළ උපායමාර්ගික දිශානතිය නොමැති නම් මාර්ග සිතියම එමගින් අදාළ පර්යේෂණ ක්‍රියාවලියට හිමිවෙයි. පර්යේෂණ යෝජනාව මත සිදුකරනු ලබන පර්යේෂණ ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය ලෙස අපට මුණගැසෙන්නේ පර්යේෂණ වාර්තාව යි. එය ශාස්ත්‍රීය ලියවිල්ලක් වන අතර එමඟින් මානව අන්තර් සම්බන්ධතාවයන් සහ සමාජය ව්‍යුහයන් හා බැඳෙන විවිධ පැතිකඩයන් පිළිබඳව ගවේෂණයන් ඉදිරිපත් වෙයි. විශේෂයෙන්ම සමාජ විද්‍යාව, මානව විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, භූගෝලවිද්යාව, ඉතිහාසය වැනි විශේෂේත්‍රයන්හිදී සමාජ පර්යේෂණ වාර්තාවන් ඉදිරිපත් වන අතර සිය පර්යේෂණය හා බැඳෙන පර්යේෂණ ගැටලුව, අරමුණු න...